බුදුවරුන් ඇතුළුව සම්බුද්ධ ශාසනයක තනතුරු ලැබූ සැම කෙනෙක්ටම එම තනතුරු ලැබුණේ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ ප්‍රාර්ථනාවන්ට හේතු වුනේ පෙර බුදුවරුන්ගේ ශාසනවල තවත් කෙනෙකුට ඒ තනතුරු ප්‍රදානය කරනවා දැකීමෙන් තම සිතට ද නැගුන සිතුවිල්ලක් නිසාවෙනි.
සම්බුද්ධත්වය සහ එම සෙසු තනතුරු ලැබීම සඳහා ඒ ඒ තනතුරු අනුව පාරමිතා ප්‍රමාණයන් සම්පූර්ණ කළ යුතු අතර ප්‍රාර්ථනාවක් යනු අරමුණක් කරා ගමන් කිරීමයි.
නිර්වානය සඳහා ද ප්‍රාර්ථනාවක්, අරමුනක් තිබිය යුතුයි. නිර්වාණය ලගා කර ගත හැක්කේ ද සම්බුද්ධ ශාසනයක දී පමණි.
මේ නිසා තිසරණය හා සම්බන්ධ කවර හෝ පූජනීය වස්තුවක් ශ්‍රද්ධාවෙන් වන්දනාකර ප්‍රාර්ථනාවක් සිදු කරයිද එය ඒකාන්ත වශයෙන් විපාක දෙනු ලබයි.
එවැනි පූජනීය වස්තුවකට යමක් පූජාකර ප්‍රාර්ථනාවක් සිදු කරයිද එය ද ඒකාන්ත වශයෙන් විපාක දෙනු ලබයි.