බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවිවරුන්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න ඔබටත් හැකියාව තිබේ. කෙනෙකුට තම සසර ගමන කෙබදු විය යුතුද යන්න සිතගි පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද ඔබට ලැබී තිබේ.

මීට වඩා හොඳ තැනකට යන්න සසර සැලසුම් කරන්න.

ආහාර පිදීමේ අනුසස්

 1. බොහෝ ආයුෂ ඇත්තේ වීම

2. බලවත් වීම
3. සැපය ඇත්තේ වීම
4. වර්ණ ඇත්තේ වීම
5. නුවණැති වීම
6. යසස් ඇත්තේ වීම
7. ධෛර්ය ඇත්තේ වීම
8. සුව ඇත්තේ වීම
9. ආහාර පාන ලැබීම
10. ශූර වීම
අතීත කර්ම බලයෙන් සත්ත්වයා උපදී. පළමුවෙන් උපත ලබා දීමට මිස ඉදිරියට ඒ සත්ත්වයාගේ ජීවිතය පැවැත්වීමට කර්මය සමත් නොවේ. සත්ත්වයාගේ ජීවිතය ඉපදීමෙන් පසු ඉදිරියට කලක් පවත්නේ ආහාරයේ බලයෙනි. ආහාර නො ලද හොත් දිවිය නො පවතී. එබැවින් ජීවිතය ඉදිරියට පැවතීමට උපකාර වන ආහාර දීම ජීවිතය හෙවත් ආයුෂය දීමක් වේ. ආහාර පිදීම ආයුෂ පිදීමක් වේ. කොතරම් රූප ශෝභාව ඇතියෙකුට වුව ද ආහාර හිඟ වුව හොත් එය නැති වී විරූප වේ. රූපශෝභාව ඇතිවීමට පැවතීමට හොඳ ආහාර උවමනාය. එබැවින් රූපශෝභාව ඇතිවීමට පැවතීමට හේතු වන ආහාර දීම, පිදීම ශරීර වර්ණය දීම, පිදීමක් වේ. නිරාහාරව ක්ලාන්තව සිටින්නෙකුට අන් කුමක් ඇත ද සැපයක් නැත. සාගින්න නිවා ගැනීමට පමණක් නොව අන් ක්රමවලින් සැප ලැබිය හැකි වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාරය දීම සැපය දීමකි. ආහාරය පිදීම සැපය පිදීමකි. ආහාර නො ලැබ ගිය හොත් අනිකක් කිරීමට තබා තමාගේ ශරීරය එහා මෙහා ගෙන යාමට පමණවත් ශක්තියක් ඉතිරි නොවේ. ශක්තිය ලැබෙන්නේ ආහාරයෙනි. එබැවින් ආහාර දානය ශක්තිය දීමක් වේ. ආහාර පූජාව ශක්තිය පූජාවක් වේ. ආහාර හිඟව ලේ මස් වියළී ඉන්ද්රිය දුබල වුව හොත් ප්රඥාව නැති වේ. ප්රඥාව ඇති වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාර දානය ආහාර පූජාව ප්රඥා දානයක් ප්රඥා පූජාවක් වේ. ආයුෂය - ශරීරවර්ණය - සැපය - ශරීර ශක්තිය - ප්රඥාව යන කරුණු පස සත්ත්වයනට ඉතා උසස් කරුණු පසෙකි. එබැවින් ඒවා ලැබීමට හේතුවන ආහාර දානය ආහාර පූජාව උසස් දානයක් උසස් පූජාවක් වේ. එය උසස් පිනක් වේ.
“ආයුදො බලදො ධීරො වණ්ණදො පටිභාණදො,
සුඛස්ස දාතා මොධාවි සුඛං සො අධිගච්ඡති,
ආයුං දත්වා බලං වණ්ණං සුඛං ච පටිභාණකං,
දීඝායු යසවා හොති යත්ථ යත්ථුපපජ්ජති.
(අංගුත්තර පංචක නිපාත)
“ආයුෂය දෙන්නා වූ ශරීර බලය දෙන්නා වූ ශරීර පැහැය දෙන්නා වූ නුවණ දෙන්නා වූ සැප දෙන්නා වූ නුවණැති හෙතෙමේ සැපය ලබන්නේ ය.
ආයුෂය ශරීර ශක්තිය රූප ශෝභාව සැපය ප්රඥාව යන මේවා දී යම් යම් තැනක උපදී නම් ඒ ඒ තැන දීර්ඝායු ඇත්තේ ද පිරිවර ඇත්තේ ද වේ” ය යනු ගාථාවල තේරුමය.
⚜️ තලප ගුළි තුනක් පූජා කළ මල්ලිකා දේවි👇
සැවැත් නුවර එක් මල්කරුවෙකුට සොළොස් හවුරුදු වියට පැමිණි රූමත් දුවක් වූවා ය. දිනක් ඕ තලප ගුළි තුනක් පැසෙහි ලා ගෙන තවත් දැරියන් හා එක්ව මල්වත්ත බලා ගියා ය. එදින සංඝයා පිරිවරා පිඬු පිණිස සැවැත් නුවරට වඩනා බුදුරජාණන් වහන්සේ ඇයට අතරමඟදී හමු වූහ. බුදුරදුනට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමා ගෙන යමින් සිටි තලප ගුළි තුන තථාගතයන් වහන්සේට පිළිගැන්වූවා ය. තථාගතයන් වහන්සේ ඇගේ පූජාව පාත්රය එලවා පිළිගත් සේක. ඕ උන්වහන්සේගේ පා වැඳ බුද්ධාලම්බණ ප්රීතියෙන් තථාගතයන් වහන්සේ දෙස බලා සිටියා ය. එකල්හි තථාගතයන් වහන්සේ ඇය දෙස බලා සිනා පහළ කළ සේක. බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්ය මිනිසුන් මෙන් අකාරණයෙන් සිනා පහළ නො කරන සේක. එබැවින් අනඳ තෙරණුවෝ සිනා පහළ කිරීමේ කරුණ තථාගතයන් වහන්සේ ගෙන් විචාළහ. “ආනන්දය! මේ කුමරිය තලප පූජා කිරීමේ පිනෙන් අද ම කොසොල් රජුගේ අගමෙහෙසිය වන්නීය” යි තථාගතයන් වහන්සේ වදාළහ.
කුමාරිකාව උයනට ගොස් මිහිරි ගී ගයමින් එහි උන්නා ය. එදිනම කොසොල් රජ අජාසත් රජු හා යුද කොට පැරදී අසකු පිටින් පලායන්නේ උයන සමීපයේ දී ඇගේ ගී හඬ ඇසී අසු උයනට යැව්වේ ය. කුමරිකාව සෙසු දැරියන් සේ බිය වී පලා නො ගොස් නො බා රජු ඉදිරියට ගොස් අසුගේ රැහැන අල්ලා ගත්තා ය. රජ අසු පිට හිඳම සැමියකු ඇති නැති බව විචාරා සැමියකු නැති බව දැන අසු පිටින් බැස ඇගේ උකුලෙහි හිස තබා මඳ වේලාවක් හිඳ විඩා සන්සිඳවා ගෙන ඇය ද අසු පිට නංවා බලකාය හා නගරයට පිවිස ඇය ඇගේ නිවසෙහි රඳවා රජ මැදුරට පිවිස සවස් කාලයේ රථයක් යවා මහත් සත්කාරයෙන් සම්මානයෙන් ඇය ගෙන්වා රුවන් රැසක සිටුවා අභිෂේක කරවා අග මෙහෙසිය කර ගත්තේ ය. ඕ රජුට අතිශයින් ප්රිය වූවා ය.
(ජාතකට්ඨකථා සත්තකනිපාතයෙන්)
⚜️ පෙර ජීවිතයක දඬුවැල් බෑයක් පුජාකළ මෝඝරාජ හිමි👇
මෝඝරාජ හිමි පෙර අත්ථදස්සී බුදුරජුන්ට තැම්පත් සිතින් නුවණ යොදා දඬුවැල් බෑයක් පුජා කළ පිනින් දාහතර වාරයක් සක් දෙවිඳු වුණා. පන්සිය වාරයක් සක්විති රජ වුණා. අටවිසි වතාවක් පෘථිවි රාජ්ය ලැබුවේය. අවසානයේ මේ පින නිවනට ද උපනිශ්රය වුණේ ය.
(අපදාන පාලි 35 වන අපදානය)
⚜️ පෙර ජීව්තයක උක්ගස් දානයක් පූජාකළ අධිමුත්ත හිමි👇
අධිමුත්ත හිමි අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ ප්රධාන මහා සංඝරත්නයට උක්ගස් දානයක් දුන් පිනින් කල්ප එක්දාස් අට සීයක් දුගතිගාමී නොවූ බව අපදාන පාලියේ සඳහන් වේ.
(අපදාන පාලි 36 වන අපදානය)
⚜️ පෙර ජීවිතයක එක් දන් හැන්දක් පිදූ කටච්ජුභික්ඛා දායිකා තෙරණිය👇
කටච්ජුභික්ඛා දායිකා තෙරණිය පෙර එක් ජීවිතයක තිස්ස බුදු රජුන්ට එක් දන් හැන්දක් පිදූ පිනින් තිස් හය වාරයක් සක් දෙවිඳුගේ මෙහෙසිය වූවා ය. පනස් වතාවක් සක්විති රජුට අග මෙහෙසිය වුවා ය.
(07 වන ථේරී අපදානය)
⚜️ පෙර ජීවිතයක එක් භික්ෂුවකට පිණ්ඩපාත දානයක් හා වස්ත්රයක් පූජාකළ උප්පල දායිකා තෙරණිය👇
උප්පල දායිකා තෙරණිය පියුමතුරා බුදුසමයෙහි එක් භික්ෂුවකට පිණ්ඩපාත දානයක් හා වස්ත්රයක් පුදා දහස් වතාවක් සක් දෙවිඳුගේ මෙහෙසිය වූ අතර දහස් වතාවක් සක්විති මෙහෙසිය වූවා ය. එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දී මෙම විපාකයන් ලැබී ඇත්තා හ.
(අපදාන පාලි උප්පලදායිකා අපදානය)
* පැහැපත් වී ඉපදේ.
* විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
* දැකුම්කළු කෙනෙක් වේ.
* උසස් කුලවල උපදියි.
* සර්වාංග සම්පන්න ශෝභමාන රූප සම්පත් ලැබේ.
ඒ වාගේ ම ආයුෂ, වර්ණය, සැපය, බලය, නුවණ, යසස් භාවය යන ආනිසංස ලැබෙන බව ධර්මයෙහි සඳහන් කොට ඇත්තේ ය.
🔅~ඔබත් තුන්සිත පහදවාගෙන එදිනෙදා ජීවිතයේදී බුදුපියාණන්වහන්සේට බුද්ධ පූජාවන් පවත්වන්න.
බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා සිතාම සියලුම පූජාවන් පවත්වන්න. එය මහත්ඵලයි මහානිංසය 🙏🙏🙏
🔅~ඒ වගේම ඔබ තුන් සිත පහදවාගෙන බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට ඔබට පුලුවන් සෑම විටම දානයන් සහ අනෙකුත් අවශ්යතා සොයා බලා පූජා කරන්න. එය මහත්ඵලයි මහානිංසය 🙏🙏🙏

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X