බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවිවරුන්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න ඔබටත් හැකියාව තිබේ. කෙනෙකුට තම සසර ගමන කෙබදු විය යුතුද යන්න සිතගි පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද ඔබට ලැබී තිබේ.

මීට වඩා හොඳ තැනකට යන්න සසර සැලසුම් කරන්න.

කැඳ දානය නිසා කවදාවත් අපායේ ගියේ නැහැ

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

පින්වතුනේ, අද ඔබට හරි ලස්සන දහම් කතාවක් කියලා දෙනවා. බුදු රජාණන් වහන්සේ අපට කියලා දෙනවනේ දක්ෂ මල් කරුවෙක් ලස්සන ලස්සන මල් නෙළාගෙන ඇවිත් ලස්සන ලස්සන මල් මාලා ගොතනවා වගේ අපටත් බොහෝ කුසල් කර ගන්න කියලා. අන්න ඒ නිසා නොයෙක් ආකාරයෙන් විවිධ ලස්සන ලස්සන පින්කම් ගොඩක් අපි කර ගන්න ඕන. ඉතින් ඒ සඳහා උපකාරී වන දේශනාවක් තමයි මේක. අපේ පින්වතුන් නොයෙක් දේවල් දන් දෙනවනේ. ඒ අතරින් ආහාර පාන විශේෂයි. ඒ ආහාර පාන අතර තියෙනවා බොහෝම රසවත් දෙයක්. ඒ තමයි කැඳ. ඉතින් කැඳ පූජා කළාට ඒකේ විශේෂත්වයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ විශේෂත්වයන් තමයි එය පිළිගන්න සියලුම භික්ෂූන් වහන්සේලාම වාගේ වළඳන්නට ප්රිය කරන දෙයක් තමයි කැඳ දානය. ඒ වගේම උන්වහන්සේලාගේ කයට බොහෝ සෙයින් ගුණදායක ආහාරයක්. ඒ නිසාම පූජා කරන දායක පින්වතුන්ටත් විශේෂ ආනිසංස ලැබෙනවා. දැන් ඒ පිළිබඳව තමයි කියලා දෙන්නේ.
ඔන්න මීට බොහෝම ඉස්සර කාලේ ඒ කියන්නේ කල්ප තිස්දාහකට පමණ පෙර එක්තරා පුද්ගලයෙක් තමන්ගේ ගමනට අවශ්ය කරන ආහාර ද්රව්ය ඇතුළු උපකරණ එහෙම අරගෙන දුර ගමනක් යන්න පිටත් වුණා. ඔහොම යනකොට ගඟකින් එතෙර වෙලා තමයි යන්නට තිබුණේ. මෙයා ගඟ ළඟට යනකොට ගඟ උතුරලා දෙගොඩතලා ගලා යනවා. එතෙර වෙනවා තියා හිතන්නවත් බෑ. ඉතින් මෙයා කල්පනා කළා දැන් මොකද කරන්නේ ගමන යන්නත් බෑ බොහෝ දුරක් ඇවිත් තිබුණ නිසා නැවත ගෙදර යන්නත් බෑ. දැන් මෙයා හිතුවා මග කොහේ හරි නැවතිලා ඉඳලා ගඟේ වතුර අඩු උනාම ගියානම් හොඳයි කියලා. ඉතින් මෙයා අහල පහල විපරම් කර බැලුවා නවතින්න තැනක් සුදුසු තැනක් තියෙනවද කියලා. එතකොට මෙයා දැක්කා භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ආරාමයක් තියෙනවා ඒ අසල තැනක. මේ තැනැත්තා ඒ ආරාමයට ගිහිල්ලා බලනකොට හරි වැඩේ තමයි වෙලා තියෙන්නේ. ඒ ආරාමේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට ගඟ උතුරලා නිසා පිණ්ඩපාතයේ වඩින්න විදිහක් නැහැ. ගඟෙන් එගොඩ තමයි ගොදුරු ගම තියෙන්නේ අනේ මේ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම කුසගින්නේ. අනිත් එක උන්වහන්සේලා සාමාන්ය අය නොවේ. මහා ගුණවත්. ධ්යාන වඩන. ධුතාංගධාරී. ගොරෝසු සිවුරු පොරවන. විවේකීව භාවනාවේ ඇලිලා ඉන්න ප්රඥාවන්ත. කෙළෙස් නැති. අටලෝ දහමට කම්පා නොවී වැඩ ඉන්න උත්තමයන් වහන්සේලා. ඉතින් මෙයා තේරුම් ගත්තා මේ උතුමන් වහන්සේලා නම් එසේ මෙසේ අය වෙන්න බෑ. නිකෙලෙස් උත්තම ගුණ දරාගෙන වැඩ ඉන්න මේ ස්වාමීන් වහන්සේලා දවස් ගානක් කුසගින්නේ. අනේ මං ආවේ හොඳ වෙලාවට. මගේ ළඟ සහල් තියෙනවා අනෙකුත් දේවල් තියෙනවා මං ඉක්මනට උන්වහන්සේලාට දානය හදලා පිළිගන්වන්න ඕනෑ කියලා මෙයා බොහොම රසවත්ව ඉක්මනින් කැඳක් පිලියෙල කරලා උන්වහන්සේලාට තමන්ගේ අතින්ම පූජා කර ගත්තා. දැන් බලන්න පින්වතුනි මේක සාමාන්ය දානයක් නෙවෙයි. හේතුව තමයි කරදරයක් වුණ වෙලාවක භික්ෂූන් වහන්සේලා කුසගින්නේ ඉන්න වෙලාවක. ආහාරයම අවශ්ය වෙලාවක දීපු දානයක්. ඒ කියන්නේ ඒක අයිති වෙන්නේ " කාලේන දානං දේති." කියන විදිහට සුදුසු වෙලාවට දෙන කාලීන දාන වලටයි. අනිත් එක ඒ දුන්නෙත් සාමාන්ය අයට නෙවෙයි මහ රහතන් වහන්සේලාටයි. ඉතින් බලන්න මේ තැනැත්තාට කොයි තරම් පිනක් සිද්ධ වේවිද. දැන් මෙයාට ලොකු ලාභයක්නේ ලැබුණේ. ඉතින් ඒ ආරාමයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා පස් නමට බොහොම ගෞරවයෙන් සඟ ගුණ මෙනෙහි කරලා ඒ කැඳ දානය පූජා කරලා ලබා ගත්ත ඒ පිනෙන් පස්සේ කාලෙක එයා මිය ගිහින් තව්තිසා දිව්යලෝකයේ ඉපදුණා.
දැන් මෙයා දෙවි කෙනෙක්. මෙයා බැලුවා වට පිට හාත්පස තනිකරම මැණික් වලින් සැදුම්ලත් ලස්සන දිව්ය විමානයක්. දිව්ය අප්සරාවන් වගේම දිව්ය ආහාර පාන සංගීතය ආදී සැප සම්පත් සියල්ලම තියෙනවා. ඒ ඔක්කොම අයිති මෙයාට තමයි. ඉතින් ඔය ආකාරයෙන් තිස් තුන් වාරයක් දෙව්ලොව රජ වුණා. ඒ වගේම තිස් වාරයක් මනුස්ස ලෝකයේ සක්විති රජ වුණා. ප්රදේශ රාජ්ය වල රජකම් ලැබුණු වාර ගණන කියන්න බැරි තරම්. ඒ විදිහට දෙව් ලොවින් මනු ලොවට මනු ලොවින් දෙව් ලොවට ආදී වශයෙන් සුගතියේම ඉපදිලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මනුස්ස ලෝකයේ දඹදිව ඉපදුණා. පස්සේ බුදු බණ අහලා පැවිදි වුණා. පින්වතුනේ අර කැඳ පූජාවේ පින කොච්චරද කියන්නේ. මෙයා පැවිදි වෙනකොට හිස කෙස් ඉවත් කරනකොටම උතුම් අරහත්වයට පත් වුණා. සිකපද සමාදන් වෙන්නටත් කලින්. ඒ කියන්නේ මේ කය හට ගන්නා ආකාරය සහ නිරුද්ධ වෙන ආකාරයත් විදර්ශනා කරමින් ඉන්නකොට එකෙනෙහිම සිත කෙළෙසුන් ගෙන් නිදහස් වුණා. ඒ තමයි යාගුදායක මහරහතන් වහන්සේ. (ත්‍රිපිටකය)
ඉතින් ඊටපස්සෙ උන්වහන්සේ ප්රකාශ කරනවා. " මම එදා උතුම් දානයක් බොහොම හොඳට පූජා කර ගත්තා. හරියට සාර්ථකව වෙළඳාමක් කර ගත්තා වගේ. ඒ කැඳ දානය නිසාම මම නිවන් අවබෝධ කර ගත්තා. සංසාරෙන් එතෙර වුණා කියලා. ඒ වගේම පින්වතුනි උන්වහන්සේ හරි පුදුම දෙයක් ප්රකාශ කරනවා උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව බලන්න කැඳ පූජාවේ පින කොච්චරද කියලා. උන්වහන්සේ වදාළා. මම ශෝකයෙන් හිටපු දවසක්. අසනීපයෙන් හිටපු දවසක්. හිතේ අමාරුවෙන් හිටපු දවසක්. දන්නේවත් නෑ කියලා. ඒ තමයි කැඳ පූජාවේ අනුසස්. අනුත්තර පින්කෙත වන සංඝරත්නය ට කැඳ දානයක් මනා කොට පූජා කර ගත්ත නිසා මම ආනිසංස පහක් විශේෂයෙන් ලැබුවා කියලා වදාළා. ඒ තමයි.
1. ලෙඩ නැති බව.
2. රූමත් බව.
3. වහාම ඉක්මනින් ම ධර්මය අවබෝධ වීම.
4. ආහාර පාන සුලභව ලැබීම.
5. දීර්ඝායුෂ ලැබීම. කියන ආනිසංස පහ. ඉතින් යම් කිසි කෙනෙක් සතුට උපදවන සංඝයා කෙරෙහි කැඳ දන් දෙනවා නම් ඔය ආනිසංස පහ එයාට ලබා ගන්න පුළුවන්.
ඒ වගේම උන්වහන්සේ වදාළා කල්ප තිස්දාහකට පමණ පෙර කරන ලද කැඳ දානය නිසා කවදාවත් අපායේ ගියේ නැහැ කියලා. ඒ වගේම ඒ පිනෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අවබෝධ කර ගෙන සසරින් එතෙර වන්නට වාසනාවත් ලැබුණා කියලා වදාළා. සිව් පිළිසිඹියා ධ්යාන අභිඥා සමග උතුම් අරහත්වයට පත් වන්නට උන්වහන්සේ ට හේතු වුණේ පින්වතුනි. කැඳ පූජාවක්. ඉතින් ඔය ඇත්තන්ට ක් මීට පස්සේ කැඳ පූජා කරනකොට මේ කතාව සිහිපත් කර ගෙන ගෞරවයෙන් යුතුව පූජා කර ගෙන සසරින් එතෙර වීමට වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X