බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවිවරුන්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න ඔබටත් හැකියාව තිබේ. කෙනෙකුට තම සසර ගමන කෙබදු විය යුතුද යන්න සිතගි පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද ඔබට ලැබී තිබේ.

මීට වඩා හොඳ තැනකට යන්න සසර සැලසුම් කරන්න.

🌸 සුවඳ දුම් පූජාව

 May be an image of 1 person and standing

🌺 සුවඳ ඳුම් පූජාව යනු කුමක්ද?
🌺 සුවඳ දුම් පූජාවට පෙර සුදානම් වන්නේ කෙසේද?
🌺 සුවඳ දුම් මිශ්රණය හදාගන්නේ කෙසේද?
🌺 සුවඳ පූජාවේ ආනිශංස මොනවද?
🌺 🌸 සුවඳ දුම් පූජාව යනු?
සුවඳ පූජාව කියන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා පැවැත්වෙන ශ්රේරේෂ්ඨතම පූජාවන් ගෙන් එකකි.
දුමක් වශයෙන්, වතුරක්, තෙලක්, කල්කයක්, චූර්ණයක් වශයෙන් ද , හඳුන් , කපුරු , සුවඳ මල් ආදී ද්රව්යයෙන් ද සුගන්ධ පූජාව කළ හැකි යි. සුවඳ පූජාව සුවිශේෂී ම පූජාවක්.
බුද්ධ ශාසනයේ ධූපදායක නමින් රහතන් වහන්සේ නමක් වැඩ සිටියා.
මේ උත්තමයන් වහන්සේ මෙලෙස වදාරනවා. කල්ප අනූහතරකට පෙර ලොව සිද්ධාර්ථ නමින් ලොවුතුරා බුදුන් වහන්සේ නමක් පහළ වුණා.
උන්වහන්සේ වැඩ වාසය කළ කුටිය හා ඒ අවට එක්තරා සැදැහැවතෙක් සුවඳ දුම් අල්ලමින් බොහොම සුගන්ධවත් කළා. ඒ සුවඳ පූජාවේ ආනිසංසයෙන් ගෞතම බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් ලෙස කල්ප අනූහතරක් මනුෂ්ය සම්පත් , දෙව්ලොව ශක්ර සම්පත් ආදිය ලබා කාටත් ප්රිය මනාප අයෙක් ව ආයු , වර්ණ, සැප, බල , ප්රඥා ආදී ආනිසංස දහයක් ද උපභෝග පරිභෝග ආදී වස්තූන් ද සීමාවක් නැතිව ලැබුවා.
මේ කල්ප අනූ හතරම සතර අපාගාමී වුණේ නැහැ. අවාසනාවන්තයෙක් ලෙස උපත ලැබුවේ ම නැහැ. රහත් වන තුරාම මනුස්ස, දේව ආත්මභාවයන්හි පමණක් ම උපත ලැබුවා. සුවඳ පූජාවේ ආනිශංසයෙන් ලැබිය හැකි සියලුම සම්පත් ලැබුවා.
මෙලෙස භවයක් පාසා කල්ප අනූහතරක් සුගතියක වාසය කර, ගෞතම බුද්ධ ශාසන කාලයේ පැවිදි බව ලබා සිව්පිළිසිඹියාවට පත්ව , මහරහත් භාවයට පත් වුණා.
ඒ අනුව ඔබ අප සියලු දෙනාම, මේ අනුසාරයෙන් සුවඳ දුම් පූජාවෙන් ලැබෙන පින, කල්පනා කර, අප්රමාණ බව වටහා ගත යුතු යි.
එලෙසම තවත් එක්තරා රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේගේ මුවින් මානෙල් මල් සුවඳ විහිදී ගියා. බලන්න, කෙතරම්, පිනක්ද?
එයත් මෙවැනි වූ පින්කම්වල විපාක වෙයි. හොඳ වචන කතා කිරීම නිසා සුවඳවත් ජිවිතයක් ලැබුනා.
🌺 🌸 සුවඳ දුම් පූජාවට පෙර සුදානම් වන්නේ කෙසේද?
අපට සමාදම් විය හැකි ඉහළම සීලයක සමාදන්ව උතුම් ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් තමයි අප මේ මහා සුවඳ පූජාව කරන්නේ.
මෙම පූජාවට ප්රථමයෙන් සිත,කය,වචනය යන තුන්දොරින්ම ඉට සූදානම් විය යුතුය.
පූජාවට ප්රථමයෙන් බුද්ධානුස්සතිය වැඩීම මහත් ආනිශංස ගෙන දෙන්නකි.
හොඳින් කයද පිරිසිදු කල යුතුය.
වචනයෙන්ද සංවර විය යුතුය. බුදුගුණ පමණන් කතා කල යුතුය.
මෙලෙස සුවඳ පූජාව නිවැරැදිව කරගත්තා නම්, සිහි කල්පනාවෙන් කළා නම්, තම තමාට නිවන් දකින ජාති දක්වාම ආනිශංස ලැබිය හැකි යි.
එලෙස පින නැතිවුණොත් සංසාරේ අන්ත අසරණ දුගී දුප්පත් කමෙන් පෙළෙන්නට වෙනවා. පින නැති නිසා සත්ත්වයන්ගෙන් සතර අපායන් පිරී පවතිනවා.
මේවා ඉගෙන කියාගෙන , බහුලව පිනට දහමට යොමු වුණොත්, තම තමාටත් මෙලෙස අනුසස් ලබාගෙන මහා ඥාන සතරක් ලැබිය හැකි යි. එනම්, අත්ථපටිසම්භිදා ඥානය, ධම්ම පටිසම්භිදා ඥානය, නිරුක්ති පටිසම්භිදා ඥානය සහ පටිභාන පටිසම්භිදා ඥානය යි. මෙය සිව්පිළිසිඹියා ඥාන වෙයි. මේවා ලබා ගැනීම සඳහා ගැඹුරු බණ ඇසිය යුතු යි. ගැඹුරු ධර්මය දේශනා කළ යුතු යි. ගැඹුරින් සිතීම, මෙනෙහි කිරීම ආදිය කළ යුතු යි. එවිට ඥානය ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඥානය ලබා ගැනීම යි, වැදගත් කාරණය. ඥාන ශක්තිය ලබා ගැනීමේ ක්රම අනුගමනය කිරීමේ ක්රම වැදගත්. එයින් පිහිටා අප සුවඳ පූජාව කළ යුතු යි.
සුවඳ පූජා ආදියෙහි බලවත් බව හොඳින් සිහියේ තබාගෙන, බලවත් ඕනෑකමකින්, ශ්රද්ධාවකින් යුක්තව ම පූජා විධි අනුගමනය කළොත්, අසනීප, අකුසල් පවා යම් පමනකින් දුරුකරගන්න පුළුවන්. අවිඳු අඳුර දුරු කරගන්න පුළුවන්. පින්වන්ත, ගුණවන්ත ජීවිතයක් ගත කරගන්න පුළුවන්. සුගතියක ම වාසයෙන් නිවන් පසක් කරගන්නට පුළුවන්. එය වැදගත් ම ආනිසංස ඵලය යි.
බුද්ධ ශාසනයක දී තුනුරුවන් වෙනුවෙන් යම් පූජාවක් කළොත්, එය දිගු කලක්ම තමන්ට සැප විපාක ලැබිය හැකි යි. එසේනම් සුවඳ පූජාවට අගෞරව නොකර එය බහුලව නිවන් සුව පතාගෙන කරගත යුතු යි. එවිට කිසිවකින් අඩු පාඩුවක්, කරදරයක්, නැතිව මේ සංසාර සාගරයෙන් පවා නිදහස් විය හැකි යි.
🌺 🌸 සුවඳ දුම් මිශ්රණය හදාගන්නේ කෙසේද?
දැන් අපි බලමු සුවඳ පූජාවට අවශ්ය සුවඳ කුඩු සාදාගන්නා ආකාරය
අවශ්ය ද්රව්
1.සුදු හඳුන් කුඩු 200g
2.රත්හඳුන් කුඩු 200g
3.අගිල් කුඩු 100 g
4.ගගුල් 100g
5. TT 200g
6.විශ්ණු කාන්ති 100g
7.නෙළුම් රේණු 50g
8.වියළි පිච්ච මල් 50g
9.සැවැන්දරා කුඩු 100g
10.ජඨා මාංශ කුඩු 100g
11.සුවඳ කොට්ටන් 100g
12.කපු කිනිස්ස 100g
13.තේජ පත්ර 100g
14.නාමල් රේණු 50g
15. කුරුඳු කුඩු 25g
16.සඳුන් තෙල් 350 ml
17. ජෙස්ම්න් ඔයිල් 350 ml
සියළුම කුඩු ගෙන හොඳින් කොටා මිශ්ර කරගැනිමෙන් අනතුරුව,තෙල් වර්ග දෙක දමා ඉතා හොඳින් කවලම් කරගත් පසු ඔබට මනා සුවඳින් යුතු සුවඳ කුඩු ලැබේ.
අනතුරුව සුවඳ දෝලාව සකස් කර ගැනීම...
(රුවන්වැලි සෑයේ වගේනම් සුවඳ දුම් දෝලා දෙකක් පමණ පවති)
නැතිනම් අපි සුවඳ දෝලාවක් සකස් කරගත යුතුය.
සුවඳ දෝලාවට දැමීමට පොල් කටු හෝ ගල් අගුරු සකස් කරගත යුතුය.
පොල්කටු හෝ ගල් අඟුරු දවා ගැනීමෙන් අනතුරුව සුවඳ දෝලාවට දමා සුවඳ පූජාව කල හැකිය.
🌺 🌸 සුවඳ පූජාවේ ආනිශංස ?
සුගන්ධ ධූප ආදී පූජාවන් ශ්රද්ධාවෙන්, ගෞරවයෙන් , ඕනෑකමෙන් කළොත්, තමන්ටත් දිගු කලක්ම සැප විපාක පිණිස ම පවතියි. මේ ගැන සිතා කල්පනාවෙන් තුනුරුවන් වැඩ සිටින කාලයේ උපත ලබා, තුනුරුවන්ට මෙබඳු පූජාවක් කරගත් විට අපට නිවන් දකිනා ජාති දක්වා ම සැප විපාක ලැබෙයි.
කිසිවකින් අඩු පාඩුවක් කරදරයක් වෙන්නේ නැහැ. සිහි කල්පනාවෙන් යුක්තව දාන මාන පිළියෙළ කළොත්, එයින් ලැබෙන විපාකය දිගු කලක්ම සැප විපාක ලැබීම යි.
මෙලෙස කලාතුරකින් ලැබුණා වූ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන සීලාදී ප්රතිපත්ති ද දියුණුවෙන් කටයුතු කළොත්, අපටත් පුළුවන් චතුරාර්ය සත්ය අවබෝධයෙන් ශාන්ති ලක්ෂණ නිවන් සම්පත් අවබෝධ කරන්නට.
එහෙමනම් කාගෙත් සිත පිරිසුදු කරගෙන මේ සුවඳ පූජාව කරගත යුතු යි. සූදුව, සුරාව, දුරාචාරය වැළකී පංච සීලය රැකගත යුතු යි. දාන මාන පින්කම් ආදිය කරගැනීමෙන් සංසාරෙටම වැදගත්. එවැනි ශ්රද්ධාවකින් , ගෞරවයකින්, ඕනෑකමකින් , චිත්ත ප්රසාදයෙන් කරගනු ලබන පින්කමෙන් මෙලොව යහපත, පරලොව සුගතිය සහ නිවන් පසක් කර ගැනීමටත් ප්රාර්ථනාව තබා ගන්න.
🌺 🌸 සුවඳ දුම් පූජාවේ ආනිසංස
ධූපදායක හිමි පැහැදුන එකඟ වූ සිතින් බුද්ධිය යොදා සිද්ධාර්ථ බුදුරජුන්ගේ ගඳකිලිය සුවඳවත් කළ පිනෙන් කල්ප අනූ හතරක් අපායට නො ගොස් නිවන් දැකීමට එම කුසලය උපනිශ්රය වී ඇත.
(අපදාන පාලි: 26 වන අපදානය)
පිළින්දිවච්ජ මහ රහතන් වහන්සේ සුවඳ දුම් පිදූ පිනෙන් අනුසස් දහයක් ලැබුණු බව දක්වා ඇත.
සුවඳවත් සිරුරක් ඇත්තෙකු වේ.
කීර්තිමත් ජීවිතයක් ලැබේ.
යසස් ඇත්තෙකු වේ.
වහා වැටහෙන නුවණක් ලැබේ.
තීක්ෂණ නුවණ ලැබේ.
භූරි පඤ්ඤ යන නුවණ ලැබේ.
හාසු පඤ්ඤ නුවණ ලැබේ.
ගැඹුරු නුවණ ඇත්තෙකු වේ.
විපුල වූ නුවණ ඇත්තෙකු වේ.
ජවන ප්රඥාව ලැබේ.
(අපදාන පාලිය පිළින්දිවච්ජ අපදනය)
පිළින්දිවච්ජ මහ රහතන් වහන්සේ, පදුමුත්තර බුදුන් දවස හංසවතී නුවර ඉපිද රජතුමා ගේ මාළිගයේ දොරටු පාලකයෙකු ලෙස සේවය කරන කාලයේ එම බුදුරජුන් ගේ පියා වූ ආනන්ද මහ රජතුමා, තම නුවර දී වෙන කිසිවෙකුට අවස්ථාවක් නොදී බුදුන් ප්රමුඛ මහා සංඝ රත්නයට සිව්පසයෙන් උපස්ථාන කළේ ය. රජු හා කුඩා කල සිට මිතුරන්ව සිටි හෙයින් රජුගෙන් ලද වරයක් සඳහා බුදුන් ප්රමුඛ මහා සංඝයාට දන් දීම පිණිස අවස්ථාවක් ලබා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටින ලදි. මෙයට අකමැති වූ රජු පසුව අධිකරණ විනිශ්චයකින් ලබා දුන් තීන්දුව මත නො කඩවා මාස තුනක් බුදුන් ප්රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් ඇප උපස්ථානය සඳහා මොහුට ඉඩ සලසා දෙන ලදි. මේ ලද අවස්ථාවෙන් නො කඩවා තුන් මසක් මුළුල්ලේ බුදුන් ප්රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කළ පිනින් මේ තරම් අනුහසක් ලැබ අවසානයේ ගෞතම බුදුසසුනේ දෙවියන්ට ප්රිය වූවන් අතර අග තනතුරද ලබන ලදි. එබැවින් සත් පුරුෂයෝ තැම්පත් සිතින් යුතුව ම කුසල කර්ම කරත්වා.
සටහන-සුපුන් අල්ගේවත්ත
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X