බුද්ධ
ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවියන් විසින්ය. මේ නිසා දිව්‍ය සැප විඳින
අතරතුර මාර්ගඵල ලබන්න හැකියාවක් තිබෙන බව ප්‍රත්‍යක්ෂයි. මේ නිසා ඔබටත් සැප සහිත
පසුබිමක සිට නිර්වානය අවබෝධ කරන්න හැකියාව තියෙනවා.
මේ නිසා මෙම ධර්මදේශනා වචනයෙන් වචනය හොඳින් සවන් දෙන්න. සැළකිල්ලෙන් අදහස් විස්තර තේරුම් ගන්න. එයින් ඔබට ඔබේ ඉදිරි සුගති ගමන සැලසුම් කරගන්න හැකි වේවි.
මේ
හැම වචනයකම අර්ථය යතාර්ථවාදී සත්‍යයට සාක්ෂියක් බව වටහාගන්න. නුවන ඇත්තෝ, ශ්‍රද්ධාව ඇත්තෝ, පින්
ඇත්තෝ මේ මඟ ගොස් සැප ලබන බව ඒකාන්තයි.
දෙවියන් අතර ඉපිද ධර්මය ඇසීමටත්, මාර්ගඵල ලැබීමේත් හැකියාව ඔබටත් තියෙනවා.
නමුත් බුද්ධ දේශනාවන්ට අනුව මේ සඳහා භාග්‍ය නොලැබීමට හේතුවෙන අයත් ඉන්නවා. ඒ අය නම්, මේ මනුලොව ඇති අති භයානකම පාපකර්මයන් සිදු කළ අයයි.
මිත්‍යා දෘෂ්ඨිය
ආනන්තරිය පාපකර්ම පහ
මේ
ජීවිතයේ දී නම් ඔබ මේ පාපකර්ම කරල නැතිව ඇති. නමුත් ඉදිරියේ දී හෝ මතු ආත්මයක දී
හෝ මේ පාපකර්ම ඔබ අතින් සිදුවිය හැකියි. එවන් පාපකර්මයක් සිදු කළහොත් ඔබ සතර අපා ගත වීම අනිවාර්යි.
එපමණක් නොව ඔබ මේ ජීවිත කාලය පුරා සිදු කරන ලද ප්‍රාණ ඝාතන, සොරකම් කිරීම්, බොරු කීම්, වැරදි කාමසේවන, සුරා පානය ආදී ක්‍රියාවන් නිසා රැස්කරන ලද පව් පමණක් නොව පෙර ආත්මයන් වල දී සිදු කරන ලද එවන් පාප කර්මයන් නිසා එකතු වූ අකුසල කර්ම කොතෙකුත් ඇති.
නමුත් පෙර ආත්මයන් වල දී සිදු කරන ලද පාප කර්මයන් අභිබවන්න පින්වන්ත වූ ඔබ මනුලොව ඉපදී තිබේ. එසේ වූයේ පෙර ආත්මයන්වල දී සිදු කරන ලද පාපකර්ම අභිබවා මනුලොව ඉපදීමට තරම් ඔබ පින් කර පුණ්‍යවන්තයෙක් වී තිබීම නිසයි.
එසේනම් දැන්, පෙර ආත්මයන් වල දී සිදු කරන ලද සහ මේ ආත්මයේ දී සිදු කර ඇති, තවදුරටත් වර්ථමානයේ සිදුවිය හැකි පාප කර්ම අභිබවන්න පින්වන්ත වී දෙව් ලොව ඉපදීමට ඔබ උත්සාහවත් විය යුතුයි.
ඔබ අතින් මිත්‍යා දෘෂ්ඨිය, ආනන්තරිය පාපකර්ම පහ සිදු නොවී මේ බුද්ධෝත්පත්ති කාලයේ සිදු කරන විවිධ පින්කම්වලින් කිසිදු අපහසුතාවයක් නැතිව දෙවියන් අතරට යන්න හැකියාව හොඳින්ම තියෙනවා. අප්‍රමාන වූ පින් කළ හැකි වෙන්නේ බුද්ධෝත්පත්ති කාලයේ දී පමණයි.
බුද්ධ ශාසනයක කරන පින් දහම් මහත්ඵල මහානිසංස ගෙන දෙනවා. එසේම බුද්ධ ශාසනයක පින් කිරීමට ලැබීම අති දුර්ලභයි. ඒ අති දුර්ලභ අවස්ථාව ඔබට ලැබී තිබේ. නිකරුණේ කාලෙ නාස්ති නොකර අප්‍රමාදව සිල් රකින්න, පින් කරන්න, සුගතිය ප්‍රාර්ථනා කරන්න.
--------------------------------
ඔබ ඔබේ සසර ගමන නියමාකාරයෙන් සැලසුම් නොකලහොත්,
ඔබ කොහේ ඉදන් මනුලොවට ආවද? අවේ ඇයි..?
ඔබ
මනුලොවට අවේ මෙහි ඇති වටිනාම දේ සොයා දැනගෙන එහි මනාව පිහිටා නැවත ආපසු දෙව් ලොව යෑමට
අවශ්‍ය කටයුතු සිදු කිරීමට බව වටහා ගන්න.
මනුලොව ඉහළම සැපය වූ සක්විති
සැපය කියන්නේ පොඩි ගල් කැටයක් වගේ නම් දෙව්ලොව තිබෙන දෙව් සැපය හිමාල පර්වතය වගේ
අතිමහත් වූ සැපයකි.
මනුලොවට ආ දෙව් දුවක් මනුලොව දී නිරන්තරයෙන් කරන ලද ප්‍රාර්ථනාවත් කරන ලද පින්කම් නිසාත් ඇගේ සිල් රැකීමත් හේතුවෙන් ඇය නැවත දෙව් ලොව යන්නේ පිනත් සීලයත් ප්‍රාර්ථනාවත් නිසා බව පැහැදිළියි.
ඔබට අමතක ඔබ මනුලොව පැමිණි කාර්ය යළි සිහියට ගෙන යුහුසුළුව අවශ්‍ය කටයුතු කර යළි සුගතියටම යන්න. දෙව්ලොවින් චුතවන දෙවියන්ට මනුලොව සුගතිය සේම මනුලොව මිනිසාට දෙව්ලොව මහත් වූ සැපයක් ගෙන දෙන සුගතියකි. නුවන ඇති මිනිසුන් දෙව් ලොව සැපය නිවන් දකිනතුරා වින්දනය කරයි.
ඒ සඳහා
මනා ශ්‍රද්ධාවෙන්, නුවනින්
යුතුව සිල් රැකීමට සහ පින්
කිරීම සඳහා ඔබටත් සම්බුද්ධ ශාසනයක් ඇති මේ අති දුර්ලභ අවස්ථාව ලැබී තියෙන්නේ ඔබේ වාසනාවටයි.
සැහැල්ලු ජීවිතය ඔබේ සුගති ගමන පහසුකරයි.
විවේකය සිල් රැකීමට සහ පින් කිරීම සඳහා ඔබට වැඩි අවස්ථාවක්, කාලයක්
ලබා දෙයි.
ඇයි අප දෙව්ලොව යන්නේ....?
මනුලොව පංචකාමයට ඇලීම මෙලොව ස්වල්ප සැපයකටත්, මද ආස්වාදයකට සහ පරලොව සතර අපායේ මහා දුකකට ද හේතු වේ. අද බොහෝදෙනෙක් පංචකාමයට ඇලී වල්මත් වී දුගතියට මග සාදා ගනිමින් සිටී.
ඔබ ඔබේ වයස අනුව අතීතය ආවර්ජනය කර විවිධ
වයස් සීමාවන්වල දී ඔබ විසින් සිදුකරන ලද පාප කර්ම සහ විඳින ලද විවිධ දුක් කරදර, ඇනුම් බැනුම්, විවිධ අපහසුතාවයට
පත්වීම් සිහිකර බලන්න.
පාසල් කාලෙදි
උසස් අධ්‍යාපනයේ දී
රැකියාවෙදි
ගෘහ ජීවිතයේදි
මේ ආකාරයට තමන්ගේ ජීවිත කාලය පුරාවට අතීතයේ
සිදු වූ විවිධ වැරදි යළි යළිත් සිදු කරමින් අපාගත වීමටත්, තමන්ගේ ජීවිත කාලය පුරාවට අතීතයේ විඳින ලද
අනේකවිධ දුක් කම්කටොලු යළි යළිත් අත් විඳින්නත් ඔබ කැමතිද?
එසේම
මෙතෙක් ජීවිතකාලය පුරා ඔබ විඳි ලෙඩ දුක්, කරදර, අනතුරු, විපත්, වියෝදුක් ආදිය තවදුරටත් මේ මනුලොව දී විඳින්න ඔබ කැමතිද?
මේ
අතර සතුරන් ඔබට කොතෙකුත් කරදර, හිරිහැර, පිඩා සිදු කරන්න ඇති.
නමුත් මේ සියළු දේ අත් හැර එයින් මිදී නිවන්
දකිනතුරු දෙව් සැප විඳින්න ඔබ තව දුරටත් අකැමතිද?
එසේනම් දෙව් ලොව ගියොත්...?
ඔබට අනාගත මනුලොව භයානක විපත්වලින්
බේරෙන්න හැකි වෙනවා.
ඔබ අතින් මනුලොව දී සිදු විය හැකි බොහෝ අකුසලයන්ගෙන් වැලකෙනවා. විශේෂයෙන් ආනන්තරිය පාපකර්ම පහෙන් සහ මිත්‍යා දෘෂ්ඨියෙන් ගැලවෙන්න හැකි වෙනවා.
දෙව්, බ්‍රහ්ම සැප විඳින අතර
මාර්ගඵල ලබන්නත් හැකි බව ඔබ දන්නවද?
බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවියන් බව දැනටමත් ඔබ දන්නවා.
දෙව්
ලොව දී මාර්ගඵල ලබන්න හැකි බව අප ගෞතම බුදුන්වහන්සේත්, මුගලන් මහ රහතන් වහන්සේත් දේශනා කර තියෙනවා.
සක්විති රජකම පරයා දෙව් ලොව දෙව් සැප විඳින්න නම් අවශ්‍ය දේ අද අදම හරිහම්බ කරගන්න උත්සහවත් විය යුතුයි. දෙව් සැප පුණ්‍ය නිධානයක් බව දැන ගන්න. එය නිම නොවන පුණ්‍ය නිධානයක් කරගන්න නිවැරදිව සැලසුම් කරගන්න පුළුවන්.
ඇත්තටම දෙව්ලොව ගිය බවට සාධක තිබේද? ඔව්, සම්මාදිට්ඨික වී සිදුකරන ලද පින්කම් නිසා ගණනින් කිව නොහැකි තරම් අති විශාල ප්‍රමාණයක් දෙව් සැප විඳින බව සත්‍යයකි.
මේ නිසා සම්මාදිට්ඨික වීම මොනතරම් වාසනාවක්ද...? ඒක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි.
එසේනම් නිවන් දකිනතුරු දෙව් සැප විඳින්න සසර සැලසුම් කර ක්‍රියාවට නංවන්න. ඒක අපහසු නෑ. අවශ්‍ය ඔබේ උනන්දුව පමණි.
පෙර භවය දකින දරුවෙකුගේ දෙව්ලොව විස්තර කරන පුනරුප්පත්ති කතාව අසා බලන්න.
සසර සැලසුම් කරගන්න
කෙනෙකුට තම සසර ගමන නිවන් දකිනතුරු කෙබදු විය යුතුද යන්න සිතගි පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඔබට උදා වී තිබෙන බව ඔබ දැනගන්න තරම් ඔබ වාසනාවන්තයි. ඔබම කල්පනා කර බලන්න මේ පින ඇත්තේ ලෝක ජනගහනයෙන් මොනතරම් සුළු පිරිසකටද කියල.
දැන් ඔබටත් පුළුවන් වසර හැට හැත්තෑවක් ජීවත්වෙන මේ මනුලොව ජීවිතය, කියා නිමකරන්න බැරි සැපයක් වෙනුවෙන් ආයෝජනය කරන්න. ඔබට ලැබුන මේ දුර්ලභ අවස්ථාව ප්‍රමාද නොවී ප්‍රයෝජනයට ගන්න. ඔබේ දිවියේ ඉතිරි වී ඇති කෙටි කාලයෙන් උපරිම අවස්ථාව ඒ සඳහා යොදා ගන්න.
සම්බුද්ධ ශාසනයක් පවතින අවස්ථාවක දී පමණක් ලැබෙන මෙම අති දුර්ලභ අවස්ථාවෙන් වහ වහා ප්‍රයෝජන ගන්න හැකියාව ඇත්තේ අප්‍රමාද වෙන අයටයි. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා.
ඒ වගේම ඔබට අවශ්‍ය උතුම්ම දේ ලබා ගන්න ඇති මේ දුර්ලභ අවස්ථාව මගහැර ගන්න එපා.
දිව්‍ය සැප විඳින සැලසුම් ක්‍රියාත්මක කරමු
ධර්මය මනාව දැනගෙන කර්මය, කර්ම ඵලය තේරුම්ගෙන අකුසලයෙන් වැලකී කුසලයේ යෙදෙන්න. එහෙම වුනොත් ඔබට මරණය ගැන භයක් ඇති නොවේ. ඔබ දන්නවා ඔබේ මරණයත් සමඟ ඔබ යන්නේ කොහේද කියල... අද අදම ඔබේ හිත සුගතියේ (දිව්‍ය ලෝකයේ) පිහිටවා ගන්න.
එහි දී බොහෝ මාර්ඵල ලාභී දෙවිවරුන් වගේ නිවන් දකින තුරා ඔබටත් සැප විඳිමින් සතුටු සිතින් නිර්වාණය කරා ගමන් කළ හැකියි.
සසර දිනන ප්‍රාර්ථනාව
මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ ජවය ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක සිදු කරන සිල් රැකීමෙන් සහ පින් රැස් කිරීමෙන් ලබන මහා බලය මත පිහිටා සිදු කරන නිවැරදි ප්‍රාර්ථනාවන් ය.
දැනගන්න මේ ක්‍රමයට කළොත් ප්‍රාර්ථනාවක් ඒක විපාක දෙනවාමයි.